Financial Tools & Tax Estimator
CSE Dividend & Tax Calculator 🇱🇰
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ඕනෑම සමාගමක ලාභාංශය සඳහා ඔබට ලැබෙන මුදල සහ 15% WHT බද්ද අඩු වූ පසු අතට ලැබෙන Net Dividend එක පහසුවෙන්ම ගණනය කරගන්න.
ශ්රී ලංකාවේ ලාභාංශ බදු සහ ගෙවීම් පිළිබඳ මඟපෙන්වීම (CSE Dividend Guide)
1. 15% Withholding Tax (WHT) යනු කුමක්ද?
ශ්රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත අනුව, CSE ලැයිස්තුගත සමාගම් විසින් කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීමේදී 15% ක රැඳවුම් බද්දක් (WHT) මුලදීම අඩු කර ඉතිරි 85% ක ශුද්ධ මුදල (Net Payout) CDS එකට සම්බන්ධ ඔබගේ බැංකු ගිණුමට බැර කරනු ලැබේ.
2. ලාභාංශය ලබාගැනීමට කොටස් මිලදී ගත යුතු අවසන් දිනය කුමක්ද?
සමාගමක් විසින් ප්රකාශයට පත් කරන XD (Ex-Dividend) දිනයට පෙර දින වනවිට ඔබ සතුව එම කොටස් තිබිය යුතුය. XD දිනයේදී හෝ ඊට පසුව කොටස් මිලදී ගන්නා අයට එම ලාභාංශය හිමි නොවේ.
3. ලාභාංශ මුදල් ලැබෙන්නේ කෙසේද?
Payment Date දිනයේදී සමාගම විසින් සෘජුවම ඔබගේ CDS ගිණුමේ ඇති බැංකු ගිණුමට (Direct Bank Transfer) මුදල් තැන්පත් කරනු ලබයි. එසේ නොමැති නම් චෙක්පතක් (Cheque) ඔබගේ ලිපිනයට තැපැල් කරනු ඇත.